සංහිඳියාව සඳහා කැබිනට් අනුකමිටුවක්!

සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ජනාධිපතිවරයා අනුකමිටුවේ සභාපතිත්වය දරයි.
ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකමිටුවට පැවරී ඇත.
උතුරු නැඟෙනහිර ගැටුමෙන් පසු නැවත පදිංචි කිරීම්, ඉඩම් සහ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් යෝජනා කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරේ.
සංහිඳියාව පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වේ.
- රනිල් වික්‍රමසිංහ – ජනාධිපති
- දිනේෂ් ගුණවර්ධන – අගමැති
- ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
- ආචාර්ය විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
- අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය