මහා පරිමාණ මුල්‍ය වංචාවක් කළ රෝහිත අබේගුණවර්ධනගේ බෑණා සොයා මෙහෙයුම්!

 මහා පරිමාණ මුල්‍ය වංචාවක් කළ රෝහිත අබේගුණවර්ධනගේ බෑණා සොයා මෙහෙයුම්!

විවිධ පුද්ගලයන් රවටා ඔවුන්ගෙන් වාහන ලබාගෙන පසුව මුදල් ලබාදෙන බව පවසා වංචා සිදුකර ඇති බවට මහනුවර ප්‍රධාන පෙළේ වාහන අලෙවිසල් හිමිකරුවකුවන සේරම් නැමැත්තාගේ පුත්‍රයකු සොයා මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර තිබේ.

ඔහු හිටපු කැබිනට් ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑණා කෙනකු වන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

තම වාහන විකුණා මුදල් ලබා දෙන පොරොන්දුව මත ගෙන ගිය වාහන විකුණා එම මුදල් ලබා නොදුන් බවට පොලොන්නරුවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයාගේ පියා වන සේරම් නැමැත්තා විසින් විදෙස් රටවලින් ආනයනය කරන V8 වැනි වටිනා මෝටර් රථ වරායෙන් බදු නොගෙවා ගෙනැවිත් විකුණූ බවට ද මේවන විට චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.

Newspedia 02

Related post