මැතිවරණය කල්දැමීමට එරෙහිව විපක්ෂය අවබෝධතා ගිවිසුමක!

“පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවේ උත්සාහය” පරාජය කිරීමට එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ අද (20) අවබෝධතා ගිවිසුමකට එළඹුණි.
ඒ පසුගියදා විපක්ෂයේ සියලු පක්ෂ රැස්ව ඒකමතික සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුවය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීමේ ආණ්ඩුවේ ප්‍රයත්නයන් පරාජය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය රාමුව තුළ ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ.

