‘ගමේ අමෘතය’ කියා පන්සලේ සල්පිලේ කසිප්පු වෙන්දේසි කරලා!

අනුරාධපුර දිසාවේ කැකිරාව හා මඩාටුගම අතර ප්‍රදේශයේ විහාරස්ථානක පැවැති සල්පිලක් හා ආධුනික ගීත ප්‍රසංගයකදි වෙන්දේසිය සදහා බියර් බොතල් දෙකක් හා කසිප්පු බෝතලයක් තබා තිබුණු බව වාර්තාවේ .
කුසුම් බදුනට පෙර බියර් බෝතල් දෙක රුපියල් 2800කට වෙන්දේසි කොට ඇත.
තරුණ සංවිධායක පිරිස හා විහාරයේ වැඩ වසන නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙකු ලෙසින් කටයුතු කරන හිමි නමක් එක්ව මෙය සංවිධාන කටයුත්ත සිදුකර ඇති බවද වාර්තාවේ.
‘මිහිරින් මිහිර ගෙන දේන ආතල්පානේ‘ නමින් නම්කර, බියර් බෝල් විකිණිම සිදුකල විට කිසිදු අවස්ථාවක එය බියර් බව හඟවා නැත .
කුසුම් බදුන වෙන්දේසි කොට ඒ සමගම අරක්කු බෝතලයක්ද වෙන්දේසියට තබා ඇත්තේ ‘ගමේ අමෘතය’ ලෙසිනි.
අණතුරුව එහි වෙන්දේසි මිල 5800 දක්වා ඉහල ගොස් ඇති අතර අරක්කු බෝකලයක් වෙන්දේසියේ උච්චතම අවස්ථාවේදි මල්ලෙන් එළියට ගෙන ඇත.
ඒ අවස්ථාවේ එම ස්ථානයට ගිය සල්පිලේ ආරාධිත අමුත්තෙකු වු තරුණ පොලිස් නිලධාරියෙක් මෙම වෙන්දේසියෙන් අරක්කු බෝතලය ඉවත් කරන ලෙස ඉල්ලා ඇත.
එහිදි ටික වෙලාවක් සල්පිල නැවති ඇති බවත් මේ පිළිබඳව පන්සලේ වැඩසිටි නායක හාමුදුරුවෝ දැනුවත් කිරිමට ගිය පිරිසෙන් ආරක්ෂක අංශයේ නිලධාරියාට පන්සලේ වැඩ සිටි ගුරු හාමුදුරුවන් පහර දි ඇති බවද වාර්තා වේ.
මේ අවස්ථාවේදි මේ විදියට අරක්කු බොතලයක් වෙන්දේසි කිරිමෙන් ලැබෙන මුදලට වඩා වැඩි අපවාදයක් පන්සලටත් ආගමටත් සිදුවන බව තරුණ පොලිස් නිලධාරියා පන්සලේ හාමුදුරුවන්ට පෙන්වාදමෙන් පසු වෙන්දේසියෙන් අරක්කු බෝතලය ඉවත්කොට වෙන්දේසිය හා ආධුනික ගීත ප්‍රසංගය පවත්වා ඇත.
සංවිධායක පිරිස පවසන්නේ මෙම අරක්කු බෝතල් වෙන්දේසි නොකිරිම නිසා රුපියල් ලක්ෂක පමණ පාඩුවක් සිදුව ඇති බවයි..
– මහින්ද උදයසිරි දඹුල්ල