කළුතරට හෙට පැය 12ක් වතුර කපයි!

 කළුතරට හෙට පැය 12ක් වතුර කපයි!

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (21) පෙරවරු 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටවනු ඇත.

මීට අමතරව නාගොඩ, බෝම්බුවල, පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තර යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටවනු ලැබේ.

Newspedia 02

Related post