21 හැවිරිදි තරුණියක් වෙඩි තබා මරාදමයි!

 21 හැවිරිදි තරුණියක් වෙඩි තබා මරාදමයි!

ඊයේ (18) රාත්‍රියේ නැඳුන්කර්නි, ශිව නගර් ප්‍රදේශයේ පදිංචිකාරියක වන 21 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවසේ දීම වෙඩි තබා මරා දමා ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, ඝාතනයට ලක් වූ කාන්තාව නිවසේ පිටුපස දොර විවෘත කර මිදුලට පැමිණීමේ දී ඇයට වෙඩි තබා ඇති බවය.

කාන්තාවගේ නිවසට ආසන්නයෙන් සැඟවී රැඳී සිටි සැකකරුවෙකු විසින් ඇයට වෙඩි තබා පලාගොස් තිබෙන බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි. අදාළ කාන්තාවගේ මළ සිරුර වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති බව ද සඳහන් වේ.

ඝාතනයට අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නැඳුන්කර්නි පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.

Newspedia 01

Related post