කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හොරු පැනලා!

 කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හොරු පැනලා!

පිලියන්දල කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලයට  අද (19දා) අලුයම  ඇතුළු වූ පුද්ගලයෙක් සේප්පුව කැඩීමට උත්සාහ දරා ඇතැයි  පිළියන්දල පොලිසිය පවසයි.

ඇස් දෙක පමණක් පෙනෙන සේ ලෝගුවකින් සැරසී  එම පුද්ගලයා පැමිණ ඇතැයි පොලිසිය කියයි.

කැස්බෑව ප්‍රාදේශිය මහ ලේකම් කේ පි ප්‍රේමදාස මහතා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත. 

තෙමහල් ගොඩනැගිල්ලේ පිටුපස අඹ ගසක් ආධාරයෙන් දෙවන මහල අසලට පැමින තිබූ එම පුද්ගලයා විවෘත කර  තිබූ ජනේලයකින්  ගොඩනැගිල්ල තුළට ඇතුළු වී ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.

එලෙස ගොඩනැඟිල්ලට ඇතුළු වී තිබූ එම පුද්ගලයා  දෙමහල් ගොඩනැගිල්ලේ සෑම අංශයක් වෙතම ගොස්  විවෘත කළ හැකි මේස ලාච්චු මෙන්ම යකඩ අල්මාරි විවෘත කර බලමින් යම් දෙයක් සොයන අයුරු එහි සවිකර තිබෙන සිසිටිවි කැමරා කැමරාවේ සටහන් වෙයි.

අගුළු දමා තිබෙන  කිසිම  මේස ලාච්චුවක් හෝ අල්මාරියක් කැඩීමට උත්සාහ දරා නොමැති බව පොලිසිය කියයි.

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරියකු ඇතත් ඔහු  එහි ඉදිරිපස රැඳී සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පැමිණි පුද්ගලයා ගොඩනැගිල්ල තුළ පැය හතරකට අධික කාලයක් සැරිසරන අයුරු  එහි සවිකර තිබෙන  කර තිබෙන සිසිටිවි කැමරා වල සටහන් වේ.

ඇතුළු වූ පුද්ගලයා රැගෙන ගියේ කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මෙන්ම  පොලිස් නිල සුනඛයන් ද පරීක්ෂණ සඳහා කැඳවූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

ගල්කිස්ස කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය,සහකාර පොලිස් අධිකාරී සරනාත් සමරකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ්  හෙට්ටිආරච්චි මහත්තුරු පරීක්ෂණ පවත්වයි.

Newspedia 01

Related post