‘අන්තිම කැමති පත්‍රය’ ලියන විදිය වෙනස් කරන්න යෝජනාවක්

පවතින අන්තිම කැමති පත්‍රය ලිවීමේ නීතිමය ක්‍රම වේදය වෙනස් කිරීමට යෝජනාවක් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව අන්තිම කැමති පත්‍රය 5 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත්කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අත්සන් කරන ක්‍රමවේදය පමණක් බලාත්මක කරවීම මෙම සංශෝධනය මගින් සිදුකිරීමට යෝජනා වී තිබේ.
අද (19) දින සංශෝධන පනත් කෙටුම්පත් 5ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කළේය.
එහිදී ඉදිරිපත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත් 5 වන්නේ, අන්තිම කැමති පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ඇටෝනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ නොතාරිස් සංශෝධන පනත් කෙටුම්පතය.