හීනටියන ඔලොංගා අවියක් එක්ක මාට්ටු

නවීන පිස්තෝලයක් අතැතිව මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේ මාර්ගයක රැදී සිටි හීනටියන සංජීව නැමැත්තාගේ ගෝලයකු විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හීනටියන “ඔලොංගා” නමින් හදුන්වන (43) හැවිරිදි සැකකරුවෙකි.
විශේෂ කාර්යා බළකා මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකයට ලද බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ඉනේ සඟවාගෙන සිටි පිස්තෝලයක් හා එම උණ්ඩ 2 ක් සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු මනුෂ්‍ය ඝාතනය 5 ක් සම්බන්ධයෙන් සහ මංකාල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා ඇති බවත්, එම නඩු විභාග වන බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය` වැඩිදුර පරික්ෂණ සදහා කටුනායක පොලිසියට බාර දී ඇත.
ලංකාදීප