සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක් පත්කරයි!

 සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක් පත්කරයි!

මේ වනවිට පාර්ලිමේන්තුව තුලින් රටේ විවිධ අංශ කෙරෙහි පත්කරනු ලබන කැබිනට් අනුකාරක සභා අතරට සංහිඳියාව පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක්ද පත්කර තිබේ.

ඊයේ (17) පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම කැබිනට් අනුකාරක සභාව පත්කිරීමට තීරණය කරන ලදි.

එහි සාමාජිකයන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වය දරන අතර සෙසු සාමජිකයන් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි යන මහත්වරුන් පත්කර ඇති බව වාර්තා වේ.

දෙමළ ඩයස් පෝරාව, දෙමිළ පක්ෂ, රටතුළ දෙමිළ ජනතාවගේ ගැටලු සහ මතවාද මෙන්ම මෙරට ජනතාවගේ සන්හිඳියාව සම්බන්ධව පැනනැගී ඇති ගැටලු පිළිබඳව සොයාබලා විසඳුම් සෙවීම සඳහා කටයුතු කිරීම එම අනුකාරක සභාවට පැවරී තිබේ.

Newspedia 02

Related post