ලොව හොඳම සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට!

 ලොව හොඳම සාහිත්‍ය සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට!

2022 සඳහා වන බුකර් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලක සමත් විය.

2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) හරහා ශෙහාන් කරුණාතිලක සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසියේ විචාරක පැසැසුමට ලක් වෙමිනි.

චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) ) කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කරගනිමින් ලියවුණු දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙයි.

සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය ලෙස සැලකෙන බුකර් සම්මානයට පාත්‍ර වූයේ  ශෙහාන් කරුණාතිලකගේ දෙවැනි නව කතාව වන ‘සෙවන් මූන්ස් ඔෆ් මලී අල්මේදා’ (Seven moons of Mali Almeida) ය.

වෘත්තීය ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලක ගාල්ලේ උපත ලැබුවෙකි. කොළශ මැදී වැඩුණු ඔහු වැඩි දුර අධ්‍යාපනය හදාරා ඇත්තේ නවසීලන්තයේය.

ජනමාධ්‍යවේදියකු ද වන 46 හැවිරිදි ශෙහාන් කරුණාතිලක ලේඛන කලාවට පිවිසීමට පෙර, දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ රැකියාව කළේය. ශෙහාන් කරුණාතිලක ළමා පොත් රචකයකු, තිරපිටපත් රචකයකු මෙන්ම ගීත පද රචකයකු ද වෙයි.

ඔහු සුප්‍රසිද්ධ The GuardianNewsweekRolling Stone, GQ, National GeographicConde NastWisdenThe Cricketer සහ the Economic Times ආදී සගරාවලට ලිපි සම්පාදනය කරයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබු ලේඛකයකුට බුකර් සම්මානය හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවේ මයිකල් ඔන්ඩච්චිය. ඒ,1992 වසරේ ‘ඉංග්ලිෂ් පේෂන්ට්’ (The English Patient) කෘතිය වෙනුවෙනි.

(බීබීසී)

Newspedia 01

Related post