මුරුත්තෙට්ටුවේ හිමිගේ ‘රේන්ජ් රෝවර්’ ආශාව හා ‘V8’ ගැටලුව! – හඬපට තියෙනවා, ප්‍රියංකා කියයි!

කෝටිපතියන්ගෙන් මුදල් ගසා කෑ තිළිණි ප්‍රියමාලිගේ සිදුවීමත් සමග කරලියට පැමිණි නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සුඛෝපභෝගී V8 ජීප් රථයේ කතාව මේ වනවිට උණුසුම් වී තිබේ.
මෙහිදී තම සුඛෝපභෝගී V8 ජීප් රථය කොළඹ නාගරික මන්ත්‍රීනී ප්‍රියංකා ජයසේකර මහත්මිය විසින් සොරකම් කර විකුණා ඇති බවට මුරුත්තෙට්ටුවේ හිමියන් චෝදනා කරන ලදී.
මෙම චෝදනාවට ප්‍රියංකා ජයසේකර මහත්මිය පිළිතුරු දී ඇති අතර ඇය පවසන්නේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ යෝජනාවක් මත සිදුකරන ලද ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු එම පාඩුව පියවා ගැනීමට එම ජීප් රථය විකුණා මුදල් ලබා ගන්නා ලෙස උන්වහන්සේ විසින්ම තමන්ට එය ලබාදුන් බවයි.
ආනන්ද හිමියන් රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයකට ආශාවෙන් පසුවූ බවත් ප්‍රියංකා ජයසේකර මහත්මිය පවසයි.
මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ට අයිති වාහනයක් මම අරගෙන නෑ… මම හොරෙන් අරගෙනත් නෑ. 2017 ඇති වුණ සිදුවීමක් තමා ඔය තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවන්න කියලා යෝජනා කළා. ඒ යෝජනාවට මම කැමති වෙලා, ඒකට මම මුදල් යෙදෙව්වා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම. ස්වාමීන් වහන්සේ මට ඔය වාහනය අරගෙන විකුණලා මුදල් ටික ලබාගන්න කියලා තමයි ස්වාමින් වහන්සේ මට කිව්වේ. ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන හා කතා කරපු සියලුම තොරතුරු මගේ ළඟ තියෙනවා. මේකේ ලේඛන ස්වාමින් වහන්සේ ළඟ තිබුණෙත් නෑ ඇත්තටම.
වාහන මෙරටට ගෙනල්ලා විකුණන ආයතනයක තමා ලේඛන තිබුණේ. V8 රථයේ කිසිම තැනක මුරුත්තෙට්ටුවේ හාමුරුවන්ගේ නම නම් තිබුණේ නෑ. ඒ වාහනය මට දීපු දවසේ ඉඳලා මගේ බෙන්ස් රථයයි ජිප් රථයයි ස්වාමින් වහන්සේට පදින්න දුන්නා. මෑතක් වෙනකල් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා. ඒ වාහනේ යම් දෝෂයක් පැන නැගුණා මම වාහනය ගෙනල්ලා ගැරෑජ් එකට දැම්මා. සමහරවිට ස්වාමීන් වහන්සේට ඒ කේන්තියත් ඇති.
මම කෙරේ ස්වාමීන් වහන්සේ ඉල්ලන ඉල්ලන පාරට සල්ලි දුන්න එක විතරයි. බෞද්ධයෙක් විදියට මම අනුකම්පා කරනවා ස්වාමීන් වහන්සේට.