මහින්දානන්දගේ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය ඇරඹේ!

 මහින්දානන්දගේ මුදල් විශුද්ධිකරණ නඩු විභාගය ඇරඹේ!

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩුවේ වැඩිදුර විභාගයට දින නියම කොට තිබේ.

ඒ අනුව මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එහි වැඩිදුර විභාගය දෙසැම්බර් මස 08 වනදාට නියම කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදීගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

අද දින විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටියේය.

Newspedia 02

Related post