තෙල් බෙදාහැරීම කොට උඩ! – සේවකයන් වර්ජනයක!

අද (18) දින ලංකා ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමිනි.
ඒ අනුව එම සේවකයන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇත.
මෙම විරෝධතාව හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතු වෙනු ඇතැයි ඛණිජතෙල් වෘත්තිය සමිති ඒකාබද්ධ සංගමය සඳහන් කරයි.
නමුදු ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු බලශක්ති ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් නිවේදනයක් මඟින් නීතිගත කර ඇති බැවින් ඉන්ධන බෙදාහැරීම හෝ බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතුවලට බාධා එල්ල කරන සේවකයන්ට එරෙහිව නීතිමය කටයතු සිදු කරන බව විදුලි බල හා බල ශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.