‘ජය ශ්‍රී’ ලාගේ අධිකරණ අපහාස නඩුවට දින දෙයි!

 ‘ජය ශ්‍රී’ ලාගේ අධිකරණ අපහාස නඩුවට දින දෙයි!

ජයලත් සහෝදරයින්ට (ජය ශ්‍රී) එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව දින නියම කර තිබේ.

ඒ අනුව 2023 පෙබරවාරි 21 වැනිදා නඩුව යළි කැඳවීමට කොළඹ වානිජ මහාධිකරණ ඊයේ (17) නියෝග කළේය.

ඒ කොළඹ වානිජ මහාධිකරණය විසින් රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් සොයුරන්ට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව උල්ලංඝනය කරමින් එම අධිකරණය විසින් වාරණය කරන ලද ගීත ගායනා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට වානිජ අධිකරණය පවතින නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදීය.

අරුණ ලියාන් විසින් ඔවුන්ට එරෙහිව ගොනුකරන ලද පෙත්සමට අනුව අධිකරණය එම වාරණ නියෝගය නිකුත් කර තිබිණ.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් රෝහිත සහ රොහාන් ජයලත් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මීට පෙර සීතාසි නිකුත් කර තිබිණි.

Newspedia 02

Related post