ප්‍රියමාලි තෙල් ගේන්න ඩොලර් දුන්නද…

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවගෙන් මෙරටට ඉන්ධන ආනයනයට මුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශයක් සිදුකර තිබේ.
එහිදී ඒ මහතා පවසන්නේ එම කාන්තාවගෙන් මුදලක් හෝ කිසිදු දායකත්වයක් ඉන්ධන ගෙන්වීමට ලබාගෙන නොමැති බවයි.
ඉන්ධන ආනයනය සදහා මුදල් ලබා ගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මෙරට වෙනත් බැංකු පද්ධති හරහා පමණක් බවද පැවසූ ඔහු ඉන්ධන ආනයනයට ඒ හැර වෙනත් කිසිදු තෙවැනි පාර්ශ්වයකින් මුදල් ලබාගෙන නැතැයි ඉතාම වකීමෙන් පවසන බවද කියා සිටියේය.
ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.