චීනය ලංකාවේ අධිතාක්ෂණික උපකරණ හයි කරනවා! – ඉන්දියාව යළි ඇවිස්සෙයි!

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ චීනයේ මහජන විමුක්ති හමුදා පුහුණුව ලැබූ චීන ජාතිකයින් හා අධි තාක්‍ෂණික උපකරණ සවිකරමින් කටයුතු කිරීම නිසා තමිල්නාඩුව බරපතල ආරක්ෂක ගැටළු මතු කර තිබෙන බව “ද හින්දු පුවත්පත” වර්තා කරයි.
මුහුදු කූඩැල්ලන් වගාවට මුවාවී අති නවීන සංකීරණ උපකරණ චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකාවේ යොදවා ඇතැයි ඉන්දියාව චෝදනා කරයි.
මේය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් ඒ හේතුවෙන් වෙරළ තීරයේ දැඩි සෝදිසියෙන් සිටින ලෙසත් තමිල්නාඩු බුද්ධි අංශය දින කිහිපයකට පෙර ආරක්ෂක උපදේශනයක් නිකුත් කළ බව “ද හින්දු පුවත්පත” වාර්තා කොට තිබේ.