කොළඹ මේ තැන් 19යේ පාකින් ගාස්තු ගෙවන්න එපාලු!

කොළඹ නගරයේ ස්ථාන 19ක් උපුටා දක්වමින් කොළඹ මහනගර සභාව නිල නිවේදනයක් පළකර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ කොළඹ නගරයේ ස්ථාන කිහිපයක අනවසරයෙන් ඇතැම් පුද්ගලයන් හා සංවිධාන විසින් රථවාහන ගාල් කිරීමේ ගාස්තු අය කරන බවට වාර්තා වීමත් සමඟ එය වළකාලීම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීම අරමුණු කරගනිමින් මෙම දැන්වීම පලකල බවකි.
ඒ අනුව දැන්වීමේ සඳහන් කොට ඇති ස්ථාන 19 තුළදී රථ වාහන ගාල් කිරීමේ ගාස්තු එකතු කිරීමට කිසිවෙකු හෝ පැමිණියහොත් ගෙවීම් සිදු නොකරන ලෙස මහජනතාවට දැනුම් දී තිබේ.
අදාල දැන්වීම මෙසේයි.
