ඊයේ ශ්‍රී ලංකාව අද කොදෙව්වන්. ලෝක කුසලානයේ තවත් පෙරළියක්

 ඊයේ ශ්‍රී ලංකාව අද කොදෙව්වන්. ලෝක කුසලානයේ තවත් පෙරළියක්

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව හොබාර්ට් හිදී ලකුණු 42 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ස්කොට්ලන්තය ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේ තවත් පෙරළියක් ඇති කළේය.

ආරම්භක පිතිකරු ජෝර්ජ් මුන්සි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණය පුරා සිය පිත්ත හසුරුවමින් පන්දු 53 කදී ලකුණු 66 ක් රැස් කළේය. ස්කොට්ලන්තය සිය ඕවර 20 තුළ ලකුණු 160/5 රැස් කිරීමට සමත් විය.

ප්‍රවීණයන් වන ඩ්වේන් බ්‍රාවෝ සහ ක්‍රිස් ගේල් ඉවත්ව ගිය නව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම අවසන් ඕවරයේදී ලකුණු 118කට අවසන් විය.

ප්‍රවීන තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් පිත්තෙන් සහ පන්දුවෙන් (38 සහ 2/14) දස්කම් දැක් වූ අතර, කයිල් මේයර්ස් (20), එවින් ලුවිස් (14) සහ බ්‍රැන්ඩන් කිං (17) බැගින් ලබා ගත් හ.

දිනකට පෙර ශ්‍රී ලංකාව මෙන්, බටහිර ඉන්දීය කොදෙව්වන් අද පරාජය වෙද්දී බදාදා සවස හෝබාර්ට්හිදී සිම්බාබ්වේ සමඟ තරගය ඔවුන් විසින් ජයගත යුතුම තරගයක් බවට පත්ව තිබේ.

විස්සයි20 ලෝක කුසලාන ශූරතා දෙකකට හිමිකම් කියූ එකම කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වන බැවින් පළමු වටයේදී ම මෙසේ පරාජයට පත්වීම හොඳ ප්‍රතිඵලයක් ලෙස නොපෙනේ.

Newspedia 01

Related post