අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට!

අනුරාධපුර – පාදෙණිය මාර්ගයේ රිදීබැදිඇල්ල ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගය අසල ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනුරාධපුර දෙස සිට පාදෙණිය දෙසට ගමන්කළ මෝටර් රථයට සිදුවූ අනතුරෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (17) උදෑසන 10.00 ට පමණ එම අනතුර සිදුව ඇති බව නාගොල්ලාගම පොලීසිය පවසයි.
සිද්ධියට මුහුණ පා ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංච්කරුවන් පිරිසකි.