බංග්ලාදේශය ණය ගෙවන්න කියයි! – ප්‍රතිව්‍යුහගත කිරීම් නෑ!

 බංග්ලාදේශය ණය ගෙවන්න කියයි! – ප්‍රතිව්‍යුහගත කිරීම් නෑ!

මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදය හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ජා සිදුකෙරෙමින් පවතින මොහොතක බංගලාදේශය සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව නියමිත කාලයට ඉල්ලා ඇති බව වාර්තා වේ.

එහිදී ශ්‍රී ලංකා විසින් බංගලදේශයෙන් ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ණය මුදල ලබන වසරේ මාර්තු මාසයට පෙර ගෙවනු ඇති බව බංග්ලාදේශය බලාපොරොත්තුවෙන් සිටින බව එරට මහ බැංකු අධිපතිවරයා විදෙස් පුවත් සේවා සමඟ පවසා ඇත.

ශ්‍රී ලංකාවට ලබාදුන් මෙම මුදල ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන අර්බුදය මත දෙවරක් ණය කාලය දීර්ඝ කළ බවත් මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවක දී ධනාත්මක ප්‍රතිචාරයක් හිමිවූ බව බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබේ.

Newspedia 02

Related post