ගිනි ගත් කජීමාවත්තේ පවුල් 214කට රජයෙන් ගෙවල් නොදෙයි!

මෝදර මාදම්පිටිය කජීමාවත්තේ ගිනි ගැනීම පිලිබඳ වාර්තාව නිකුත්කර තිබේ.
එහිදී පදිංචිකරුවන් අතරින් 214 දෙනෙකු නිවසක් ලබාගැනීමට අවශ්‍ය අවම සුදුසුකම්වත් සපුරා නොමැති බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.
ඒ අනුව නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අනුමත ප්‍රතිපත්තිවලට අනුව ඔවුන්ට නිවාස ලබාදීමේ හැකියාවක් නොමැති බව අදාළ වාර්තාවේ සඳහන් වේ.
කජීමාවත්තේ අනවසර පදිංචි පවුල් 291ක් පමණ සිට ඇති අතර ඉන් පවුල් 57කට 2019 වසරේ දි නිවාස ලබාදීමට අනුමැතිය හිමිවී තිබුණි.
ඒ අනුව තවත් පවුල් 20කට ද සුදුසුකම් සපුරා ඇති බැවින් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ලබාදීමට හැකියාව පවතින බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය සඳහන් කළේය.
අනෙක් කිසිදු පුද්ගලයෙකුට නිවාස ලබාදීමට හැකියාව නොමැති බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.