ක්ෂණික ලිංගික උත්තේජන ඖෂධ නිසා තරුණයන් මියයාම වැඩි වෙලා!

 ක්ෂණික ලිංගික උත්තේජන ඖෂධ නිසා තරුණයන් මියයාම වැඩි වෙලා!

ක්ෂණිකව ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ භාවිත කිරීම නිසා කොළඹ නගරයේ මසකට තරුණයන් 5 දෙනකුවත් මියයන බව මරණ පරීක්ෂණ උසාවි වාර්තා පෙන්වා දෙයි.

හදිසියේම සහකාරියන් සමඟ සිටියදී සිදුවන මරණ බොහොමයක මරණ පරීක්ෂණ අනාවරණය වී ඇත්තේ ඔවුන් ක්ෂණික ලිංගික උත්තේජන ඖෂධ භාවිතා කර සිට ඇති බව කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර පවසයි.

මෙලෙස විවිධ ​​​ඖෂධ වර්ග භාවිත කිරීම නොකළයුතු බවත් ලිංගික උත්තේජනය ඇති කරවන ඖෂධ ගන්නේ නම් ඊට පෙර ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවද වෛද්‍යවරු අවධාරණය කරති.

Newspedia 02

Related post