අන්තර්ජාලය ගෙනාවේ මහින්ද – අද ඒකෙන්ම ‘මයිනා’ කියනවා

 අන්තර්ජාලය ගෙනාවේ මහින්ද – අද ඒකෙන්ම ‘මයිනා’ කියනවා

ශ්‍රී ලංකාවට අන්තර්ජාලය ගෙන ආවේ මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

2005 වසරේ මෙරට අන්තර්ජාල පහසුකම් තිබුණේ 5%ක පමණ ප්‍රමාණයකට බවත් එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අන්තර්ජාලය ගෙන ආ බවත් ඒ මහතා කියා සිටි.

නමුදු අද වනවිට එම අන්තර්ජාලයම භාවිතා කර ෆේස්බුක් හරහා ඔහුට මයිනා කියා පහර ගසන බවද හෙතෙම සඳහන් කළේය.

පොලොන්නරුවේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Newspedia 02

Related post