පාර්ලිමේන්තු පොලීසියේ කොස්තාපල්වරියට Kiss දුන් සැරයන්ට වැඩ වරදී!

පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරියකගේ නළලට බලහත්කාරයෙන් හාදුවක් දුන් සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට වාර්තා කොට තිබේ.
පාර්ලිමේන්තු කොට්ඨාසයටම අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු විසින් මෙම බලහත්කාරකම සිදුකර තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 29 වන දින අදාළ පොලිස් කොස්තාපල්වරිය සිය රාජකාරි කටයුත්තක් සඳහා කාර්යාලය වෙත යමින් සිටියදී මග රැඳී සිටි පොලිස් සැරයන්වරයා ඇයගේ පිටුපසින් පැමිණ හිසෙන් අල්ලා තමාව ඔහු වෙත හරවා ගනිමින් නළලට හාදුවක් දුන් බව ත් එයින් තමා හට විශාල බියක් හා ලැජ්ජාවක් ඇති වුණ බව ත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලේ සටහන් කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ තිබේ.
ඒ අනුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවට ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (13) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවේ වාර්තා කළේ ය.