ඕනෑවට වඩා රත්තරන් බඩු දාගෙන එන්න එපා!

 ඕනෑවට වඩා රත්තරන් බඩු දාගෙන එන්න එපා!

නියමිත සීමාව ඉක්මවා රන් ආභරණ පැළඳ ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවැනි නීතිවිරෝධී කටයුතු හේතුවෙන් රජයට මසකට ඩොලර් මිලියන 30 ක රාජ්‍ය ආදායමක් අහිමි වන බවය.

එවැනි නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් හඳුනාගෙන ඇති බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් සාමාන්‍ය මගීන්ට කිසිදු අපහසුතාවයකට මුහුණ පෑමට සිදු නොවන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Newspedia 01

Related post