අතුරුදන් සිසුවා දින 10 කට පසු යළි ආ හැටි

දින 10 ක් පුරා අතුරුදන්ව සිටි බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉංජිනේරු පීඨ සිසුවෙකු ආපසු පැමිණි පුවතක් වාර්තා වේ.
පේරාදෙණිය සරසවියේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙම ශිෂ්‍යයා 12 (බදාදා) අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වූ බවය.
ඉංජිනේරු පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන අදාළ ශිෂ්‍යයා ඔක්තෝබර් මස 02 වෙනිදා සිට තම නේවාසිකාගාරයෙන් අතුරුදන් ව සිටි බව මින් පෙර වාර්තා විය.
ලිපියක් ලියා තබා නේවාසිකාගාරයෙන් පිටව ගොස් ඇති ඉංජිනේරු ශිෂ්‍යයා සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් පොලීසියට පැමිණිල්ලක් ද සිදු කොට තිබේ.
කඩවත, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරයෙකු වන අදාළ තරුණයා පසුගිය දින කිහිපය බදුල්ල ප්‍රදේශයේ ගත කර තිබේ. ඒ අතරතුර තම මව අමතා තම සුව දුක් දන්වා සිටීමට ඉංජිනේරු සිසුවා විසින් කටයුතු කර තිබීම විශේෂත්වයකි.