සහල් කිලෝ මිලියනයක් මුදාහැරීමට රජය සැරසෙයි

 සහල් කිලෝ මිලියනයක් මුදාහැරීමට රජය සැරසෙයි

වසර ගණනාවක පටන් ශ්‍රී ලංකා රේගුවේ ප්‍රශ්න ගණනාවක් මත රඳවාගෙන සිටින සහල් කිලෝග්‍රෑම් මිලියනයක් සහිත කන්ටේනර් මුදා හැරීමට රජය අවධානය යොමු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රේගු නිලධාරීන් සමඟ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටි කන්ටේනර් 79ක මෙම සහල් තොගය පටවා ඇති බවයි.

හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් රේගුව තුළ රඳවාගෙන සිටි කන්ටේනර් 950කට අධික ප්‍රමාණයක් නිදහස් කිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

එම කන්ටේනර්වල කරුංකා සහ කහ විශාල තොගයක් පටවා ඇති බව ද ඔහු පැවසීය. මැදිහත්වීමෙන් පසු ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව කන්ටේනර් මුදා හැරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

හිඟ මුදල් අය නොකර කන්ටේනර් නිදහස් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Newspedia 01

Related post