සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි!

 සනත් නිශාන්ත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙනි.

මෙම නඩුවට අදාලව පසුගියදා අභියාචනාධිකරණය විසින් සිතාසි නිකුත් කරමින් අද (13) දින පෙනී සිටින ලෙස දැන්වුවත් සනත් නිශාන්ත මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් පොලිස්පතිවරයා වෙත එම වරෙන්තුව නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් මේ අවස්ථාව වනවිට සනත් නිශාන්ත මහතා අධිකරණයට පැමිණ තිබේ.

Newspedia 02

Related post