ශ්රී ලංකාව රුසියාවට එරෙහි යෝජනාවට ඡන්දය දීමෙන් වැළකෙයි.

ඊයේ පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකීමට ශ්රී ලංකාව තීරණය කළේය.
යුක්රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙළා දැකීම සඳහා එම ඡන්දය විමසීම පැවැත්විණ.
රුසියාවට එරෙහි යෝජනාවට පක්ෂව රටවල් 143 ක් ඡන්දය පාවිච්චි කොට ඇති අතර, රාජ්ය 35 ක් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටියහ.
ශ්රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ චීනය ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටි ජාතීන් අතර විය.
යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීභාවය සහ දේශපාලන ස්වාධීනත්වය උල්ලංඝනය කරමින් ඩොනෙට්ස්ක්, කෙර්සන්, ලුහාන්ස්ක් සහ සැපෝරිෂියා යන ප්රදේශ රුසියාව විසින් තාවකාලිකව අත්පත් කරගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ “මූලධර්ම ආරක්ෂා කිරීමේ” යෝජනාවේ සඳහන් වේ.