රුසියාවේ ගෙවීම් පද්ධතිය මෙරට භාවිතා කිරීම මහබැංකුව ප්‍රතික්ෂේප කරයි!

රුසියාවට එරෙහිව පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක මග හරවා ගැනීමින් මුදල් ගනුදෙනු කිරීමට රුසියාව හඳුන්වාදුන් ‘මිර්’ ගෙවීම් පද්ධතිය මෙරට භාවිතා කිරීමට අවසර ඉල්ලා තිබුනද එම ඉල්ලීම ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මීට පෙර රුසියාවේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මෙම ගෙවීම් ක්‍රමය අනුමත කරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලා සිටියද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ අවස්ථා දෙකකදී එය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතරල රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා කියා සිටියේ සංචාරක ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මහජන බැංකුව සහ රුසියානු බැංකුව අතර රුබල්-රුපියල් ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට සාකච්ඡා කරමින් සිටින බවය.