මෙහෙම ගියොත් ජනතාව බදු ගෙවීම ප්‍රතික්ෂේප කරයි

අසාධාරණ ලෙස බදු අය කිරීමට යාමෙන් ජනතාව බදු ගෙවීම ප්‍රතික්ෂේප කරනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.
අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, කුඩා තේ වතු හිමියාගේ සිට බදු ගෙවීමට සිදුව ඇති බවය.
සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව විසින් මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පිරිස් නිදොස් කොට නිදහස් කරමින් ජනතාවට බදු ගසන බවය.