දෙවන ලෝක යුද්ධයට බියේ අවු:60ක් කැලයක සිටි ජපනුන් දෙදෙනෙක් හමුවේ! – යුද්ධය ඉවර බව දැනන් ඉඳලා නෑ!

මැනිලා සිට සැතපුම් 600 ක් දුරින් පිහිටි පිලිපීන දූපතක් වන මින්ඩනාඕ දූපතේ කැලයක වසර 60ක් පමණ කාලයක් සැඟව සිටි ජපන් ජාතිකයන් දෙදෙනෙකු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා 2005 වසරේදී ලෝකයම මවිත කරමිනි.
මෙහි විශේෂ සිදුවීමනම් ඔවුන් දෙදෙනා වයස අවුරුදු 20දී පමණ දෙවන ලෝක යුද්ධයට යාම සඳහා ජපන් හමුදාවට බැඳි ඇති බවත් ඒ වනවිටත් යුද්ධය පවතින බවට බියවී වසර 60කටත් අධික කාලයක් එම දුපත තුල සැඟව සිටීමයි.
87 හැවිරිදි Yoshio Yamakawa සහ 85 හැවිරිදි Tsuzuki Nakauchi ලෙස හඳුනාගෙන ඇති ඔවුන් දෙදෙනා එක්සත් ජනපද හමුදා සමඟ ඇති වූ දරුණු සටන්වලින් විනාශ වූ අංශයක හිටපු සාමාජිකයින් බව වාර්තා වේ.
වයස අවුරුදු 20 ගණන වලදී දෙවන ලෝක යුද්ධෙට ජපන් හමුදාවට බැඳිලා.. තාම යුද්ධේ ඉවර නෑ කියල හිතාගෙන යුද්ධේ ඉවරවෙලත් අවුරුදු 60 යනකල් පිලිපීනෙ කැලේක හැංගිලා හිටපු ජපන්නු දෙන්නෙක් හොයාගෙන තිබ්බ මේ මෑතක!
මෙම පුවත වාර්තා වීමත් සමඟ ජපාන අගමැතිවරයා රාජ්‍ය තාන්ත්‍රිකයින් කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව වාර්තා වේ.
එහිදී ජපානය පවසා ඇත්තේ “”ඔවුන් ජීවතුන් අතර නම්, අපි ඔවුන්ගේ ආශාවන් ඉටු කිරීමට කැමතියි,” යනුවෙනි.
මෙම වාර්තා සත්‍ය නම් වසර 30කට වැඩි කාලයක් ජපන් සොල්දාදුවෙකු පණපිටින් හමුවූ පළමු අවස්ථාව මෙය වනු ඇති බව ජපානය පවසයි.
සම්පුර්ණ විදෙස් වාර්තාව මෙතැනින්…