රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 263කට පන්ති තහනම්!

 රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් 263කට පන්ති තහනම්!

රුහුණු විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවියනට කොන්දේසි පනවමින් අපහසුතාවයට පත් කල බවට චෝදනා කරමින් දෙවෙනි වසරේ සිසුන් 263 දෙනෙකුට පන්ති තහනම් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව අදාල විමර්ශන අවසන් වනතෙක් කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළු වීම තාවකාලිකව තහනම් කර තිබේ.

නවක සිසුන් පිළිගැනීම සඳහා ඉකුත්දා පැවැති උත්සවයේ දී පීඨාධිපති වරයාගේ කතාව ඉවත් කිරීම, නවක සිසුන්ට දිග කලිසම් අත් දිග ෂර්ට් ඇඳ සපත්තු පැළඳ පැමිණීමට සහ නවක සිසුවියන්ට සාරිය ඇඳ කොණ්ඩය සකසාගෙන පැමිණීම අනිවාර්ය කිරීම යන චෝදනා මෙම සිසුන් කණ්ඩායමට එල්ල වී ඇත.

කෙසේ නමුදු කාලාන්තරයක් පුර විශ්වවිද්‍යාල උප සංස්කෘතියක් ලෙස පැවති පිළිගැනීමේ උත්සවයට මහත්ම මහත්මීන් සේ හැඳ පැළඳ පැමිණීමේ ක්‍රමවේදය නවක වදයක් ලෙස ගැනීම ප්‍රශ්නයට කරුණකි.

මන්ද යත් එම අලංකාරවත් උත්සවය වර්ණවත් වන්නේ සිසුන්ගේ මහත්මා ගති ඇදුමින් පවා ස්මතු කරමිනි.

මෙම චෝදනාව එම සිසුනට නැගුවහොත් මෙරට සියලු විශ්ව විද්‍යාලවල දෙවන වසර සිසුනට පන්ති තහනම් කිරීමට සිදුවන අතර මින් ඉදිරියට එකාමෙන් සහයෝගයෙන් බැදෙන පිළිගැනීමේ උත්සවද මින් ඉදිරියට විශ්ව විද්‍යාල තුළ නැතිවී යාම වැලැක්විය නොහැකි වේ.

නවක සිසුනට උත්සවය සඳහා මහත්ම මහත්මීන් සේ සැරසී පැමිණීම වරදක්නම් වෛද්‍ය පීඨ තුළ පාලනාධිකාරය මගින් පනවා ඇති මහත්වරුන්සේ පිරිමි සිසුන් සැරසි අධ්‍යාපන කටයුතු වල යෙදීමට පැමිණීමේ නීතියද වරදක් විය යුතුමය.

මෙම ගැටලුව ඇඳුම පිලිබඳ ගැටලුවක්ද? නොමැතිනම් පීඨාධිපති වරයාගේ කතාව ඉවත් කිරීම පිළිබඳව ගැටලුවක්ද? යන්න පිළිබඳව ප්‍රශ්නයක් මතුවේ.

කෙසේ නමුදු රුහුණු විශ්ව විද්‍යාලයේ විමර්ශනය අවසන් වනතෙක් අප බලා සිටිමු.

Newspedia 02

Related post