යට ඇඳුමෙන් බේරේ වැවෙන් ගොඩ ආපු අපතයන් කියන කතා අහන්න එපා! – පාලිත රංගේ බණ්ඩාර

පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර ආසන බල මණ්ඩල රැස්වීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලස “රනිල් අපේ කෙනෙක්” යන ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පිළිතුරු දී තිබේ.
ඒ මහතා මේ පිළිබඳව සඳහන් කරමින් පවසන්නේ යට ඇඳුම පිටින් බේරේ වැවෙන් එගොඩ ආපු ඇතැමුන් අද රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිදු වෙන්නට පාර්ලිමේන්තු යන බවත් වේදිකාවල කතා කරන බවත්ය.
එම නිසාවෙන් එක එක අපතයන් කියන ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත්තේ රාජපක්ෂලා රකින්න නොවන බවත් ඒ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමිනි.