එරික් සෝල්හයිම්ටත් රනිල්ගෙන් උපදේශක තනතුරක්!

නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතාට හා මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.
ඒ පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එරික් සෝල්හයිම් මහතා කියා සිටියේ හරිත ආර්ථික ප්‍රතිසංවිධානය සහ ශ්‍රී ලංකාවේ දේශගුණික නායකත්වය සඳහා ජනාධිපතිතුමාට විශිෂ්ට දැක්මක් ඇති බවයි.
එමෙන්ම නෂීඩ් මහතා සමග මෙම තනතුරට පත්වීම සම්බන්ධයෙන් තමා ආඩම්බර වන බව සෝල්හයිම් මහතා වැඩිදුරටත් පවසයි.