හොරෙන් ගෙන්වූ Hummer රථ දෙකක් හසුවේ

 හොරෙන් ගෙන්වූ Hummer රථ දෙකක් හසුවේ

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද තවත් Hummer රථ දෙකක් ඊයේ ශ්‍රී ලංකා රේගුවේදී සොයා ගැණින.

රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා රේගුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී නීති විරෝධී ලෙස අපනයනය කිරීමට සූදානම් කර තිබූ අයිතම සහ භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.

පරණ කඩදාසි යටතේ වර්ගීකරණය කරන ලද භාණ්ඩ පිරවූ කන්ටේනර් පහක් රාජ්‍ය අමාත්‍යවරයා ඉදිරියේ විවෘත කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන් විසින් කන්ටේනර් විවෘත කළ අවස්ථාවේදී එම කන්ටේනර් හතරක අපනයන තහනම් ලැයිස්තුවට ඇතුළත් පිත්තල, තඹ සහ ගැල්වනයිස් කරන ලද යකඩ බට පටවා තිබී හමුවී ඇත. අබලි කඩදාසි අඩංගුව ඇතැයි ප්‍රකාශ කරන ලද එක් කන්ටේනරයක පමණක් ඒවා තිබී ඇත.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දේශීය කර්මාන්තකරුවන්ට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය වන පිත්තල, තඹ සහ ගැල්වනයිස් කරන ලද යකඩ බට නීති විරෝධී ලෙස අපනයනය කිරීම අපරාධයක් බවය.

පරීක්ෂා කිරීමේදී වෙනත් කන්ටේනරයකින් නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද Hummer රථ දෙක සොයාගෙන තිබේ.

මීට පෙර රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා විසින් හමර් රථයක් නීතිවිරෝධී ලෙස ආනයනය කර වැරදි ටෙන්ඩර් පටිපාටියකට අනුව රජයේ වෙන්දේසියකදී එය ගෙන්වූ නීතිවිරෝධී ආනයනකරුට විකිණීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබුණි.

Hummer රථය 2022 පෙබරවාරි මාසයේදී තවත් වාහන තුනක් සමඟ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව වාර්තා වේ.

Newspedia 01

Related post