හිටපු පොහොට්ටු මන්ත්‍රී, වෛද්‍යවරයකුගේ ගෙදර ගේට්ටුවට වෙඩි තියලා!

වෛද්‍යවරයකුගේ නිවසේ ගේට්ටුවට වෙඩි තැබීමක් සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකි.
මෙහිදී වෛද්‍යවරයා විසින් ඉදි කරමින් පවතින නිවසක් හේතුවෙන් ජලය බැස යන කානුවට බාධා එල්ල වෙමින් ඇති බව ප්‍රදේශවාසීන් විසින් හිටපු මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බවත් ඒ බව හිටපු මන්ත්‍රීවරයා විසින් වෛද්‍යවරයාට දැනුම් දුන්නද එයට පියවරක් නොගැනීම නිසාවෙන් මන්ත්‍රීවරයා කෝපයට පත්වී තිබේ.
ඉන් පසුව හිටපු මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමග එම ස්ථානයට ගොස් බැන වැදී ගිනි අවියකින් නිවස ඉදිරිපිට ගේට්ටුවට සහ අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ.