ශ්‍රී ලංකා නියෝජිත පිරිස මූල්‍ය අරමුදල් ප්‍රධානියෙක් හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් හමුවී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ (WBG) 2022 පාලක මණ්ඩල වාර්ෂික රැස්වීම් ඊයේ (10) වොෂින්ටන් ඩී.සී හිදී ආරම්භ විය.
IMF/WB වාර්ෂික රැස්වීම් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහභාගි වෙති.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් IMF හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමඟ තමන් ඵලදායක සාකච්ඡාවක නිරත වූ බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කර අභියෝග සහ ඒවාට මුහුණ දීමට ගෙන ඇති ස්ථිර පියවර පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.