රනිල් ඊයේ දුන්න ජ්‍යෙෂ්ඨ උපදේශිකා තනතුර චන්ද්‍රිකා අද එපා කියයි!

ඊයේ දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා තනතුර ලබාදෙන ලදී.
එම තනතුර භාරගත් හිටපු ජනාධිපතිනිය අද දින එම තනතුර ප්‍රතිෂේප කොට ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවතින මෙම ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණය තුලින් තමන් වෙනුවෙන් වෙන්කොට ඇති කාර්යාල පහසුකම් හෝ අනෙකුත් සියලුම වරප්‍රසාදද ප්‍රතික්ෂේප කරමින් චන්ද්‍රිකා මහත්මිය ජනාධිපතිවරයා වෙත පිළිතුරු ලිපියක් යැවීමට පියවර ගෙන තිබේ.
හිටපු ජනාධිපතිනියගේ කාර්යාලයේ ප්‍රකාශකයකු විසින් මේ පිළිබඳව මාධ්‍යට පවසා ඇති බවද වාර්තා වේ.