නවක වදය රුහුණු වෛද්‍ය පීඨයේ දෙවැනි වසර අධ්‍යයන කටයුතු නවතයි.

 නවක වදය රුහුණු වෛද්‍ය පීඨයේ දෙවැනි වසර අධ්‍යයන කටයුතු නවතයි.

රුහුණු සරසවියේ දෙවන වසරේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා තිබේ.

විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පැවසුවේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුන්, දෙවන වසරේ සිසුන් විසින් නවක වදයට ලක් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වැඩබලන පීඨාධිපති මහාචාර්ය චන්න යහතුගොඩ මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය පීඨයේ සිසුන් 200කට අධික පිරිසකගේ අධ්‍යයන කටයුතු මේ අයුරින් අත්හිටුවා ඇති බවය.

Newspedia 01

Related post