අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් ගෙවන මුදල ඉහළ දමයි!

 අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් ගෙවන මුදල ඉහළ දමයි!

2022/03/14 වන දින අතුරුදන් වූ තැනැත්තෙකු වෙනුවෙන් පවුලේ ළඟම ඥාතියා වෙත ගෙවීමට තීරණය කළ රුපියල් 100,000ක මුදල යළිත් වතාවක් රුපියල් 200,000ක් දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල් සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන දක්නට නොලැබීමේ සහතිකය මත පදනම් කරගනිමින් ළඟම ඥාතියා වෙත රුපියල් 100,000ක මුදලක් ගෙවීමට මීට පෙර කැබිනට් රැස්වීමේදී තීරණය කෙරුණි.

නමුදු දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවීමත් ගෙවනු ලබන රුපියල් 100,000ක මුදල ප්‍රමාණවත් නොවීමත් යන කරුණු සැළකිල්ලට ගෙන අදාළ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට හානිපූර්ණ කාර්යාලය විසින් තහවුරු කරගෙන ඇත්නම් දක්නට නොලැබීමේ සහතිකය ලබා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමටත් රුපියල් 200,000ක මුදල් ගෙවීමටත් ඒ අනුව තීරණය කොට තිබේ.

අධිකරණය අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

Newspedia 02

Related post