ශ්‍රීලනිප සංවිධායකයින් හදිසියේම පක්ෂ මුලස්ථානයට කැඳවයි!

 ශ්‍රීලනිප සංවිධායකයින් හදිසියේම පක්ෂ මුලස්ථානයට කැඳවයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් අද (10) දිනයේ කොළඹට කැඳවා තිබේ.

අද පස්වරු 2.00ට සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙන බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

දයාසිරි ජයසේකර මහතා,

“අද දවසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලුම ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු ඇතුළු සියලුදෙනා කැඳවා තියෙනවා සවස 2ට. පක්ෂය ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා වගේම ඉදිරි මාස තුන ඇතුළත පක්ෂය නැවත ගොඩනැගීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. ඒ වගේම බණ්ඩාරනායක මහතාගේ හා එම මැතිනියගේ ගුණානුස්මරණය වෙනුවෙන් පවත්වන පිරිත අපි පවත්වනවා රාත්‍රියේ. ඒ වගේම සංඝගත දක්ෂිණාවක් පවත්වනවා පහුවදා උදෑසන. ඒ සියලු දේ වෙනුවෙන් තමා මේ වැඩපිළිවෙල සකස් කර තියෙන්නේ.”

Newspedia 02

Related post