බලය අවභාවිත කරන පොලිස් නිලධාරීන්ට නීතීඥ සංගමයෙන් බරපතල අනතුරු ඇඟවීමක්!

 බලය අවභාවිත කරන පොලිස් නිලධාරීන්ට නීතීඥ සංගමයෙන් බරපතල අනතුරු ඇඟවීමක්!

බලතල අවභාවිත කරන පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.

නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට කවදා හෝ ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බව මතක තබා ගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

“තම ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදී මිනිස් අයිතිවාසිකම් කඩ කරන පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ වැරදිවලට ​​වන්දි ගෙවීමට සිදුවෙනවා අපි දැක තිබෙනවා. සමහරු වන්දි වශයෙන් ගෙවූවා, ඔවුන්ගේ උසස්වීම් අහිමි වුනා. තවත් අයට අපරාධ ක්‍රියාවන්ට වැරදිකරුවන් වීමෙන් පසු සිර දඬුවම්වලට මුහුණ දීමට සිදු වුණා,” ඔහු ෆේස්බුක් වෙත පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේවා සිදුවන විට ඔවුන් ආරක්ෂා කිරීමට හාම්පුතුන් කොතැනකවත් නොසිටි බව පෙන්වා දුන් BASL සභාපතිවරයා ඔවුන්ට තනිවම මේවාට මුහුණ දීමට සිදු වූ බව පැවසීය.

“යුක්තියේ රෝද සෙමින් ක්‍රියාකරනු ඇත, නමුත් ඒවා නිසැකවම ක්‍රියා කරනු ඇත,” ඔහු තවදුරටත් කියයි.

ඊයේ කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතාවක් හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසිය පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් අනතුරුවයි මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.

සමාජ මාධ්‍යවල බෙදා හරින ලද වීඩියෝ දර්ශන පෙන්නුම් කළේ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය බලය භාවිතා කරන ආකාරයයි. විරෝධතාකරුවන් සමහරක් ළමයින් සමඟ සිටියහ.

Newspedia 01

Related post