දරුවන් අරගෙන අරගලවලට ආවේ සැලසුම් සහගතවයි!

දරුවන්ව පලිහක් කරගත් දෙමව්පියෝ ඊයේ (09) දිනයේ ගාලුමෝදර විරෝධතාවයක නිරත වූ බවත් මෙම විරෝධතාවයට දරුවන් රැගෙන ආවේ සැලසුම් සහගතව බවත් ඩෑන් ප්‍රියසාද් පවසයි.
ඊයෙ ගාලුමෝදර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ ඩෑන් ප්‍රියසාද් වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කියා සිටියේ.
“දරුවෝ අරගෙන දරුවන් පලිහක් කරගෙන සටන් වලට දෙමව්පියෝ එනවා.දරුවන් ප්‍රාණ ඇපයට අරගෙනයි දෙමව්පියෝ මේ විදිහට අරගලයට ආවේ.දරුවන්ට ප්‍රශ්නයක් වුනොත් ඒකෙන් ජාත්‍යන්තරයට දේශපාලන අරමුණු ඇතිව පණිවිඩ දෙන්න උත්සාහ කරනවා.
ඇතැම් කණ්ඩායම් මානව හිමිකම් සහ ළමා ආරක්ෂණඅධිකාරියට පැමිණිලි කරන්න ගිහින් තියෙනවා.නමුත් වෛද්‍යවරු කියන්නෙ දරුවාට කිසිම ප්‍රශ්නයක් නැති බවයි.”