තිළිණි ප‍්‍රියමාලි සමඟ අජිත් රෝහණත්! – ජායාරූප එළියට!

 තිළිණි ප‍්‍රියමාලි සමඟ අජිත් රෝහණත්! – ජායාරූප එළියට!

රට තුළ මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇති තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් ප්‍රකෝටිපතියන් රවටා අති විශාල මුදල් ප්‍රමාණයක් වංචා කළ කර ඇතැයි යන සිදුවීමට රටේ ප්‍රබල පුද්ගලයන් බොහොමයකගේ නම් ගෑවී ඇති බව හෙළිවෙමින් තිබේ.

මෙම මුල්‍ය වංචාවට අදාලව මේ වනවිට රිමාන්ඩ් කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව සමග නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ද සිටින පින්තූර සමාජ ජාලවල පැතිර යමින් තිබේ.

නමුදු අජිත් රෝහණ මහතා ඒ ගැන ප්‍රතිචාර දක්වමින් පවසන්නේ එම පින්තූර ලබා ගනු ලැබුවද තමන් කිසිදු අයුරකින් එම චෝදනාවට ලක්වන කාන්තාව ඇතුළු පිරිසට සම්බන්ධ නැති බවය.

එහිදී අජිත් රෝහණ මහතා තම නිදහසට කරනවා ලෙස සමාජ මධ්‍යයේ පලවන එක් ජායාරූපයක් පිළිබඳව පමණක් මේ වනවිට ප්‍රකාශයක් ලබාදී ඇති අතර එහිදී ඒ මහතා පවසා ඇත්තේ එම පින්තූර ලබා ගන්නා ලද්දේ මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනය පැවැති මානසික රෝගීන්ගේ වැඩමුළුවකට සහභාගී වූ අවස්ථාවේදී බවයි.

එම ජායාරූපය;

නමුදු සැකකාර තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව හා ඇයගේ සැමියා වන ඉසුරු ශාම්මික බණ්ඩාර සමඟ දීර්ඝ කාලයක සිට අජිත් රෝහණ මහතා සම්බන්ධතා පවත්වා ඇති බව සනාථ වන ජායාරූප රාශියක් සැකකාරියගේ සැමියාගේ සමාජ ජාල ගිණුමෙහි තිබී හමුවී ඇත.

එම ජායාරූපද මේ වනවිට සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් තිබේ.

එහිදී තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාවගේ සැමියා වන ඉසුරු ශාම්මික බණ්ඩාර බණ්ඩාර සමඟ අජිත් රෝහණ මහතා උසස් අධ්‍යාපනය ලබාගත් ජායාරූපද මේ වනවිට ප්‍රචාරය වීම තුළින් අජිත් රෝහණ මහතා ගැලවීම සඳහා එක් ජායාරූපයක් පමණක් ගැන පැවසීම ප්‍රශ්නයක් මතුවන කරුණක් වී තිබේ.

අනෙක් ජායාරූප;

Newspedia 02

Related post