තිලිණි ළඟ තිබී බන්ධනාගාර නිලධාරීන්ට හසුවූ දේ!

 තිලිණි ළඟ තිබී බන්ධනාගාර නිලධාරීන්ට හසුවූ දේ!

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින තිලිනි පියුමාලි නැමැත්තිය සතුව තිබී ජංගම දුරකතනයක් අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය.

ඇය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ මුදල් වංචාවක් සම්බන්ධයෙනි.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමයක බලකාය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඇය සතුව තිබූ මෙම දුරකථනය අත්අඩංගුවට ගත් බවත් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවත් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් කීය.

Newspedia 01

Related post