එරික් වීරවර්ධන ජාතික ජන බලවේගය සමග එක්වෙයි.

 එරික් වීරවර්ධන ජාතික ජන බලවේගය සමග එක්වෙයි.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එරික් වීරවර්ධන මහතා සති අන්තයේ මහනුවරදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමග එක් වී තිබේ.

වීරවර්ධන මහතා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී පැවති රැස්වීමක දී ජාතික ජන බලවේගය සමග එක් විය.

“අද ජනතාවට ඉතිරිව ඇති එකම විකල්පය ජාතික ජන බලවේගය පමණයි,”

“අද මන්ත්‍රීවරුන්ගෙන් 75%කට වඩා මන්ත්‍රීවරුන් තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කළ යුතු යුතුකම් ගැන දන්නේ නෑ” ඔහු තවදුරටත් පැවැසීය.

එරික් වීරවර්ධන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලේකම්වරයෙකු ලෙස ද මින් පෙර කටයුතු කළේය.

Newspedia 01

Related post