අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මිය යයි

අද උදෑසන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් 57 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.
පොලීසිය පවසන්නේ ගාල්ල සිට අතුරුගිරිය බලා ගමන්ගත් වෑන් රථයක් සහ ජීප් රථයක් කි.මි. 3.9 කණුව සහ කි.මි. 4.1 කණුව අතර ගැටීමක් සිදුව ඇති බවය.
ජීප් රථයේ රියදුරා සහ තවත් පුද්ගලයෙකු ද, වෑන් රථයේ ගමන් ගත් කාන්තාවන් පස් දෙනෙකු ද සිද්ධියෙන් තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර තිබේ.
වෑන් රථයේ සිටි එක් කාන්තාවක ලද තුවාල හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
57 හැවිරිදි මියගිය කාන්තාව මාලබේ පදිංචිකාරියක් ලෙස හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
PICS: Accident1st


