රජයට ඩොලර් මිලියන 90ක් පාඩු කරමින් බාල බොරතෙල් ගෙන්නලා!

මෙරටට පිරිපහදුවට නුසුදුසු වර්ගයේ බොරතෙල් ආනයනය කිරීමෙන් ගත වූ මාස 6ක කාලය තුළ රජයට අහිමි වී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 90ක් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්ථා කරයි.
ඒ සම්බන්ධ වූ විශ්ලේෂණ වාර්තාවක් මේ වන විටත් රජයට ඉදිරිපත් කර ඇතැයිද වාර්තාවේ දැක්වේ.
මෙසේ අහිමි වූ ඩොලර් මිලියන 90ක මුදලින් පිරිපහදු ඉන්ධන නැව් දෙකක් මිලදී ගැනීමට හැකියාව තිබූ බව ද එම වාර්තාවේ දැක්වෙයි.
බොරතෙල් ආනයනය හරහා අසාධාරණ ලෙස ලාබ ලබමින් සිටින ආන්දෝලනාත්මක සමාගම වහා අසාදු ලේඛන ගත කළ යුතු යැයිද විශ්ලේෂණ වාර්තාව යෝජනා කර ඇතැයි වාර්තාවේ දැක්වෙන බව සන්ඩේ ටයිමිස් කියයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර සාකච්ඡා සඳහා සහභාගී වන ලෙස අදාල සමාගමේ නිල නොවන නියෝජිතයාට ආරාධනා කර ඇති බවත් වෙනත් කිසිදු සැපයුම්කරුවෙකුට එවන් වරප්‍රසාදයක් ලබාදී නැති බවත් පුවත්පත සඳහන් කරයි.
අනෙකුත් සැපයුම්කරුවන්ගේ ඉන්ධන නැව් මුහුදේ රඳවා තිබියදී අදාල සමාගමේ නැව් කෙටි පාරෙන් වරායට ඇතුළු කර ගෙන ඇති බවටද චෝදනා එල්ල වෙයි.